IPL ශ්‍රී ලංකාවේදී පැවැත්වීමේ අවධානය..

IPL ඉතිරි තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමේ අවධානය..

by Staff writer 07-05-2021 | 10:14 PM

COLOMBO (News 1st) :  කොරෝනා වෛරසය හේතුවෙන් පසුගියදා දින නියමයක් නොමැතිව කල් දැමුණු IPL තරගාවලියේ ඉතිරි තරග IPL සංවිධායකයින්ට අවශ්‍ය නම් පමණක්, ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට අවස්ථාව ලබා දිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුව සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා
"ඇත්ත වශයෙන්ම දැනට අපේ රටේ තත්ත්වය ඉතාමත්ම භයංකර තත්ත්වයක් තියෙන්නේ. අපිට එහෙම කාටවත් උදව් කරන්න බැරි තත්වයක් තියෙන්නේ. හැබැයි සැප්තැම්බර් මාසේ වෙනකොට මොකද අපේ ජෛව බුබුළු ජාත්‍යන්තර කණ්ඩාම් කිහිපයක්ම කියලා තියෙන්නේ බොහොම උසස් තත්ත්වයක තියෙන්නේ කියලා. එතකොට අපිට අවශ්‍ය හෝටල් ඔක්කෝම තියෙනවා. ලංකාවට ළඟම රට ඉන්දියාව, ඉන්දියාව වෙන රටවලට යන්න ඉස්සෙල්ලා ඒගොල්ලන්නට අවශ්‍යනම් විතරක් අපි සහයෝගය දෙන්න කැමති මේ අයි.පී.එල්. තරග පවත්වන්න. මේක නිකන් අදහසක් පමණයි. ඇමතිතුමත් හැම වෙලාවෙම කියන්නේ මේ වගේ ජාත්‍යන්තර ක්‍රීඩා අපිට ගේන්න පුළුවන්නම් අපේ රට ආරක්ෂා කරමින් ඒක තමයි වැදගත් වෙන්නේ"