ඩී.වී. චානක සහ නිපුණ රණවකට නව තනතුරු

පොදුජන තරුණ පෙරමුණට නව සභාපතිවරයෙක් සහ ලේකම්වරයෙක්..

by Staff writer 07-05-2021 | 10:25 PM

COLOMBO (News 1st) :  ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා සහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා පත් කර තිබේ .

ඊයේ රැස්වූ පොදුජන පෙරමුණේ තරුණ විධායක සභාව ගත් තීරණය අනුව මෙම පත්කිරීම් සිදු කර ඇති අතර හිටපු සභාපති රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද එම තනතුරු ඔවුන්ට භාර දුන්නේ ය.