පාසල්, සරසවි යළි දැනුම් දෙන තුරු වැසේ...

පාසල්, සරසවි යළි දැනුම් දෙන තුරු වැසේ...ඇරඹෙන දිනය දින 3කට කලින් දැනුම් දෙනවා - අධ්‍යාපන ඇමති

by Sagarika Chathumali 07-05-2021 | 11:31 AM

COLOMBO (News 1st) : දිවයිනේ සියලු පාසල් ,විශ්ව විද්‍යාල ,පිරිවෙන් ,පෙරපාසල්, සහ උපකාරක පන්ති නැවැත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ දිවයිනේ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් එම තීරණයට එළැඹි බවයි. යළි ආරම්භ කරන දිනය , දින 3 කට පෙර දැනුම්දෙන බව ද අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේ ය.