නිවසේ සිටින ආසාදිතයෙකු ක්‍රියා කළ යුත්තේ කෙසේද?

නිවසේ සිටින ආසාදිතයෙකු ක්‍රියා කළ යුත්තේ කෙසේද? කොවිඩ් ආසාදිතයින් මහ මග හදිස්සියේ මිය යන්න පුළුවන්ද?

by Staff writer 07-05-2021 | 9:18 PM

 COLOMBO (News 1st) : නිවසේ සිටින ආසාදිතයෙකු ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ හෝමාගම රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා මෙලෙස අදහස් පළ කළේය. "පළමු දේ තමයි තමන් රෝගියෙක් යැයි හඳුනා ගත් වහාම , අනිත් අයගෙන් වෙන් වී නිවසටම වී සිටීම ඉතාම වැදගත් .විශේෂයෙන්ම හොඳින් වාතාශ්‍රය තියෙන හොදින් හිරු එළිය වැටෙන කාමරයක තනියම සිටීම වැදගත්. ඒ වගේම තමන්ට වෙනමම වැසිකිළියක් භාවිතා කිරීම වැදගත් වෙනවා . ඒ වගේම මෙවැනි රෝගීන් විවේක ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ඇදේ වැතිරී සිටින විට වම් හෝ දකුණු ඇලයට හැරවී සිටීමට පුළුවන් නම් ඒ වගේම කොට්ට කිහිපයක් තියාගෙන ඔලුව ඉස්සෙන පරිදි නිදාගෙන සිටිමට පුළුවන්නම් එමගින් පෙනහලුවලට වාතය ගමන් කිරීම පහසු වෙලා නිව්මෝනියා තත්ත්වයක් ඇති වුණත් දරුණු තත්ත්වයට යන එක යම් කිසි ප්‍රමාණයකින් අවම කර ගන්න පුළුවන්. ඒ වගේම දියර වර්ග නිසි පරිදි භාවිතා කරලා විජලනය වීම වළක්වා ගැනීමත් වදගත් කිසියම් නිදන් ගත රෝගයකින් පෙළෙන පුද්ගලයෙක් නම් ඒ අය තමන් වෙනදා පාවිච්චි කළ බෙහෙත් ඒ ලෙසම භාවිතා කිරීම ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම අපි දන්නවා ඇතැම් හෘද රෝගීන් ඇස්ප්‍රින් වැනි බෙහෙත් භාවිතා කරනවා .ඒ අය ඒ ඖෂධ දිගටම භාවිත කිරීමේ කිසිම ගැටලුවක් නෑ .ඒ වගේම දිය වැඩියා රෝගින් කෑමෙන් පරිස්සම් වෙලා තමන්ගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීමත් ඉතාමත් වැදලගත්.කිසියම් පුද්ගලයෙක් ස්වසන ආබාධ වලින් පෙළෙනවා නම් තමන්ගේ අර ඉන්හේලර්ස් , තමන්ගේ උරන බෙහෙත් භාවිතා කරනවා නම් ඒ බෙහෙත් භාවිතා කිරීමත් සුදුසුයි. ඒ වේගම දිනකට දෙවරක් වතුර හුමාලය ආග්‍රහණය කිරීම තමන්ගේ පෙනහලු වල සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කර ගන්න ඉවහල් වෙනවා . මෙහිදී වෙනත් ඖෂධ භාවිතා කිරීම අවශ්‍ය වන්නේ නෑ. උණුවතුර හුමාලය ඇල්ලීම පමණක් කරන්න පුළුවන්"

මේ අතර කොවිඩ් ආසාදිතයින් මහ මග හදිසියේ මිය යන්න පුළුවන්ද යන ප්‍රශ්නය⁣ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණයෙන් වැළැක්විය හැකි රෝග පිළිබඳ හිටපු අග්නිදිග ආසියානු කලාපීය උපදේශක ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා පිළිතුරු දුන්නේය.
"බොහෝ දෙනා මගෙන් විමසනවා ඉන්දියාවේ තත්ත්වය මෙහි සිදුවිය හැකි ද කියලා.ඉතින් තවමත් අපිට ඒ පිළිබඳව තොරතුරු නෑ. හදිසි රෝගීන් බිම වැටීම් වාර්තා විම් සිදු වන්නේ නෑ."
https://www.youtube.com/watch?v=Vx0zqqHqi3M