සූදු ක්‍රීඩාවේ නිරත වූ 08 ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කඩ කරන්නන් හොයන අස්සේ පොලීසිය වැටලූ සූදු පොළ..

by Staff writer 07-05-2021 | 2:10 PM

COLOMBO (News 1st) - නිරෝධායන නීති උල්ලංඝණය කරමින් සූදු ක්‍රීඩාවේ නිරත වූ පුද්ගලයින් 08 දෙනෙකු බණ්ඩාරගම, හුංගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව පොලීසිය මෙම වැටලීම සිදු කර ඇත. වැටලීමේදී සූදු ක්‍රීඩාවේ නිරතව සිටි පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් ය. බණ්ඩාරගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ නිවෙස් නිරෝධායනයට යොමු කර තිබේ. මේ අතර පොලීසිය පැවසුවේ, එහි සිටි තවත් කිහිපදෙනෙතු වැටලීම සිදුවන අවස්ථාවේ ඉන් පළාගොස් ඇති බවය. ඔවුන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මකය.