ජනපති WHO ප්‍රධානියා සමග වීඩියෝ සාකච්ඡාවක...

ජනපති WHO ප්‍රධානියා සමග වීඩියෝ සාකච්ඡාවක...

by Sagarika Chathumali 07-05-2021 | 2:31 PM

COLOMBO (News 1st) : ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ඇඩනෝම් මහතා සමග වීඩියෝ සාකච්ඡාවක  නිරත වූ බවත් එහිදී මෙරටට අවශ්‍ය AstraZeneca එන්නත් මාත්‍රා ලක්ෂ 6 පිළිබඳව සාකච්ඡා කළ බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල  ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ. 

මෙරට වැසියන්ට ලබා  දුන් AstraZeneca Covishield එන්නතේ දෙවැනි මාත්‍රාව ලෙස ලබා දීම සඳහා වන (ලක්ෂ 6 ) අවශ්‍යතාව සපුරා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා උත්සාහ කරනු ඇතැයි, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාසය පළ කරයි. ගෝලිය වශයෙන් දෙවන එන්නත ලබාදීම සඳහා එන්නත් මාත්‍රා මිලියන 20ක අවශ්‍යතාවක් පවතින බව ද මෙහිදී ප්‍රකාශ වී ඇත. මේ අතර, Sinopharm කොරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා තවත් දින 2-3 කින් අනුමැතිය ලබා දෙනු ඇති බව ටෙඩ්‍රෝස් ඇඩනෝම් ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා මෙහි දී පවසා ඇත්තේ, ඒ අනුව දැනට මෙරට සතු Sinopharm එන්නත් මාත්‍රා 600,000 මෙරට ජනතාවට ලබා දීම කඩිනමින් ආරම්භ කළ හැකිවනු ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙහිදී කොරෝනා පළමු රැල්ල පාලනය කිරීම පිළිබඳව ජනාධිපතිවරයා පැසසුමට ලක් කර ඇති අතර මේ වනවිට වැඩිවෙමින් පවතින වසංගත ව්‍යාප්තිය කඩිනමින් පාලනය කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද පවසා ඇත. මේ අතර ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට මෙන්ම කලාපීය වශයෙන් වසංගත ව්‍යාප්ති පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන සහයෝගය අගය කරමින් ටෙඩ්‍රෝස් ඇඩනෝම් මහතාව ඇගයීමට ලක් කර තිබේ.