ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා මරණ 3927ක්..

ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා මරණ 3927ක්..

by Staff writer 07-05-2021 | 3:09 PM

COLOMBO (News 1st) : ඉන්දියාවේ කොරෝනා ලැයිස්තුවට අදත් හාරලක්ෂ දහහතර දහසක් එකතු විය.

වාර්තා වූ මරණ සංඛ්‍යාව 3927 කි. මරණ 3000 සේ සීමාව ඉක්ම වූ 10 වැනි දිනය අදයි. මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත අයුරින් ඉහළ යන විට ඉන්දීය කොංග්‍රසයේ නායක රාහුල් ගාන්ධි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලිපියක් යොමු කර තිබේ. එම ලිපියෙන් ඉල්ලා සිටින්නේ, රට පුරා ව්‍යාප්ත වන කොරෝනා වෛරසය හඳුනා ගැනීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිත කරන ලෙසයි. නොපමාව සියලු ඉන්දියානුවන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට පියවර ගන්නා ලෙසත් රාහුල් ගාන්ධි ඉල්ලා සිටී විනිවිදභාවයකින් යුක්තව කොරෝනා සම්බන්ධයෙන් ඉන්දියාව සතු තොරතුරු ලෝකයට ලබා දෙන ලෙසත් මේ ලිපියෙන් ඉල්ලා සිටී. ඉන්දීය කොංග්‍රසය චෝදනා කරන්නේ, රජයේ මන්දගාමීත්වය සහ දැඩිබව ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තියට හේතු වී ඇති බවයි.