ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ ලැයිස්තුව මෙන්න

by Sagarika Chathumali 07-05-2021 | 9:15 AM

COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ (6) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 1895 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ, ඒ අතරින් පුද්ගලයින් 44 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් හඳුනාගෙන ඇති බවත් ඉතිරි ආසාදිතයින් 1851 දෙනා දේශීයව හඳුනා ගෙන ඇති බවත් ය. 1. කොළඹ දිස්ත්‍රික්කය - ආසාදිතයින් 326 යි (වැඩිම ආසාදිතයින්) 2. කළුතර දිස්ත්‍රික්කය - ආසාදිතයින් 309 යි 3. ගම්පහ දිස්ත්‍රික්කය - ආසාදිතයින් 273 යි අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 119, 424 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 17,794 කි. ඊයේ (6) දිනය තුළ සුවය ලබා පුද්ගලයින් 810 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමග සමස්ත ආසාදිතයින් අතරින් සුවය ලැබූ පිරිස 100 ,885ක් දක්වා ඉහළ ගියේ ය. පසුගිය පැය 24 තුළ මෙරටින් කොවිඩ් මරණ 11ක් වාර්තා වී ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ, 745 ක් ලෙසයි. එම මරණ වාර්තා වී ඇත්තේ, උඩවලව, බුලු‌තොට, මල්ලවගෙදර , කටුවාන, සීදුව, ඉනාමළුව, යාපනය, කොළඹ 3 , කුලියාපිටිය, බෙන්තොට සහ ගෙලිඔය යන ප්‍රදේශවලිනි. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 47 ක් තුළ පුද්ගලයින් 6,705 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි. මේ අතර අද (7) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තව ත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරිණ.

? ගම්පහ දිස්ත්‍රික්කය

?️ කඩවත පොලිස් බල ප්‍රදේශය

? ඇල්දෙණිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම ? සූරිය පාලුව දකුණ ග්‍රාම නිලධාරී වසම ? සූරිය පාලුව උතුර ග්‍රාම නිලධාරී වසම ? පහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරී වසම ? ඉහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරී වසම

? කොළඹ දිස්ත්‍රික්කය ?️ පිළියන්දල පොලිස් බල ප්‍රදේශය

? හල්පුත ග්‍රාම නිලධාරී වසම ? කැස්බෑව නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම ? මාකන්දන බටහිර ග්‍රාම නිලධාරී වසම ? නිවුන්ගම ග්‍රාම නිලධාරී වසම ? පොල්හේන ග්‍රාම නිලධාරී වසම

? කළුතර දිස්ත්‍රික්කය

?️ අගලවත්ත පොලිස් බල ප්‍රදේශය

? පිම්ඹුර ග්‍රාම නිලධාරී වසම ? මතුගම පොලිස් බල ප්‍රදේශය ? යටියන බටහිර යන ග්‍රාම නිලධාරී වසම