ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 07-05-2021 | 6:14 AM

දේශීය පුවත්

1. මෙරට කොරෝනා මරණ ගණන 745 දක්වා ඉහළට..: මෙරට කොරෝනා ආසාදිත තවත් මරණ 11ක් වාර්තා වෙයි. 2. පසුගිය දින 14 තුළ ඉන්දියාවේ සංචාරය කළ ගුවන් මගීන්ට විශේෂ නිවේදනයක්..: පසුගිය දින 14 තුළ ඉන්දියාවේ සංචාරය කර ඇති ගුවන් මගීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරටට ගොඩබැසීමට වීමට අවසර නොමැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. 3. ගැබිණි මව්වරුන්ට කොවිඩ් බලපානවාද ? ආරක්ෂාව වෙනුවෙන් කළ යුත්තේ කුමක් ද?: කොරෝනා වසංගතය හමුවේ ගැබිණි මව්වරුන්ට කොවිඩ් බලපානවාද ? ආරක්ෂාව වෙනුවෙන් කළ යුත්තේ කුමක් ද? යන්න පිළිබඳව කාසල් වීදිය මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා අදහස් පළ කළේ ය . 4. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂිත රෝහල්, ඒකක සහ ආයතන සංඛ්‍යාව 52 දක්වා ඉහළ නැංවීමට පියවර…: කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂිත රෝහල් , ඒකක සහ ආයතන සංඛ්‍යාව 52 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ති‌බේ.

විදෙස් පුවත්

5. මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක්: මාලදිවයිනේ හිටපු ජනාධිපති, වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව මාලදිවයින් මාධ්‍ය පවසයි.