by Staff writer 07-05-2021 | 3:48 PM
COLOMBO (News 1st) : මහරගම නගර සභාවේ ඊයේ (6) පැවති මාසික සභා රැස්වීමේදී ඇතිවු ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ , එම නගර සභාවේම මන්ත්‍රීවරියක වන සාවිත්‍රි ගුණසේකර මහත්මිය කළ පැමිණිල්ලකට අනුවයි.
මහරගම නගර සභාවේ ඊයේ (6) පැවති මාසික සභා රැස්වීමේදී සාවිත්‍රි ගුණසේකර මහත්මිය සහ නිශාන්ත විමලචන්ද්‍ර මහතා අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබිණ.
ඒ , පසුගියදා නගර සභා මන්ත්‍රී කාමරයේදී ඇති වූ සිදුවීමක් සමාජ මාධ්‍ය ඔස්සේ පලකල බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
පොලීසිය පැවසුවේ , මෙම සිද්ධිය සම්බන්ධයෙන් නගර සභාවේ 05 කුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.