මහ වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක්..

පළාත් 05කට මහ වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක්..

by Staff writer 07-05-2021 | 4:20 PM

COLOMBO (News 1st) : බස්නාහිර, සබරගමුබව, මධ්‍යම , වයඹ සහ ඌව පළාත්වල මෙන්ම මන්නාරම, අනුරාධපුරය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර , සබරගමුව, මධ්‍යම, වයඹ , ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවය. අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.