වරාය නගර කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය කතානායකට

JUST IN : වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය කතානායකට

by Staff writer 06-05-2021 | 9:37 AM

COLOMBO (News 1st) : කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය, ඊයේ (5) රාත්‍රියේ තමා වෙත ලැබුණු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

අප කළ විමසීමකදී ඔහු තහවුරු කළේ, කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය, ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට සභාවට ඉදිරිපත් කරන බවයි. මෙම නිගමනය නොලැබීම හේතුවෙන්, ඊයේ (05) දිනයට නියමිතව තිබූ කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය කල් දැමීමට පාර්ලිමේන්තු පක්ෂ නායකවරු තීරණය කළහ.