Face Mask අමතක කළ 238 ක් අත්අඩංගුවට

Face Mask අමතක කළ 238 ක් අත්අඩංගුවට

by Sagarika Chathumali 06-05-2021 | 10:03 AM

Colombo (News 1st) : මුහුණු ආවරණ නොපළඳමින් දුරස්ථභාවය රඳවා නොගැනීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 238 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පැවසුවේ, පොලීසිය ඊයේ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලදී මෙම පිරිස අත්අඩංගුවට  ගෙන ඇති බවයි. මුව ආවරණ නොපැළඳීම ඇතුළු නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් 5486 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් 5400කට පමණ මේ වනවිට නඩු පවරා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකශකවරයා සඳහන් කළේ ය. මුව ආවරණ පැළඳ සිටීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් එය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පැළඳ නොසිටිය හොත් නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති බවයි. නිරෝධායන නීති කඩන පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.