දරුවන් නව දෙනෙකු ප්‍රසූත කළ මවක්

25 හැවිරිදි මවක් දරුවන් නව දෙනෙකු ප්‍රසූත කරයි..

by Chathurika Jayasundara 06-05-2021 | 6:53 PM

COLOMBO (News1st) : මාලි රාජ්‍යයේ 25 හැවිරිදි කාන්තාවක් දරුවන් නව දෙනෙකු ප්‍රසූත කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ඒ අතරින් 05 දෙනෙකු ගැහැණු දරුවන් වන අතර , අනෙක් සිව් දෙනා පිරිමි දරුවන් වේ. මීට පෙර ලොව මෙවැනි සිද්ධීන් වාර්තා වී ඇත්තේ අවස්ථා 02කදී පමණි. ඒ , 1971 දී ඕස්ට්‍රේලියාවේ කාන්තාවක් හා 1999 දී මැලේසියාවේ කාන්තාවක් ද මෙලෙස දරුවන් නව දෙනෙකු ප්‍රසූත කර ඇති බව BBC මාධ්‍ය වාර්තා කරයි. Halima Cisse ගේ මෙම දරු ප්‍රසූතියට වෛද්‍යවරුන් 10 දෙනෙකු සහ පරිපූරක වෛද්‍යවරුන් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහාය වී ඇති බව බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.