දුම්රිය ගමන්වාර වැඩි කිරීමට සැලසුම්

සෞඛ්‍ය උපදෙස් නොතකමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථවල බලපත්‍ර අත්හිටුවීමට පියවර

by Staff writer 06-05-2021 | 7:18 AM

COLOMBO (News 1st) - සෞඛ්‍ය උපදෙස් නොතකමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථවල බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි ජංගම පරීක්ෂණ නිලධාරීන් අනියුක්ත කර ඇති බවය. මේ අතර දෛනිකව ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව ඉදිරියේදී 60 ත් 65 ත් දක්වා වැඩි කිරීමට අවධානය යොමු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. මේ වනවිට දෛනිකව ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව 48 කි. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, කොවිඩ් ව්‍යාප්තිය නිසා දුම්රියේ මගීන් ප්‍රවාහනය සීමා කර ඇති බැවින් දුම්රිය ගමන්වාර සංඛ්‍යාව එලෙස වැඩි කරන බවය. ඒ අනුව ලබන සඳුදා සිට දුම්රිය 03 ක් ධාවනයට එක් කිරිමට සැලසුම් කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.