ශ්‍රීලංකාව ඇතුළු රටවල් 4කට පිලිපීනයෙන් ගමන් තහනමක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4කට පිලිපීනයෙන් ගමන් තහනමක්

by Staff writer 06-05-2021 | 4:23 PM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4 ක සිට සිය රටට ඇතුළත් වීම වැළැක්වීමට පිලිපීනය තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ඉන්දියාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් ප්‍රභේදය තම රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා පිලිපීනය මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකාව, බංගල්දේශය, නේපාලය හා පකිස්තානය යන රටවල සිට පිලිපීනයට ඇතුළු වීම හෙට (07) සිට වාරණය කරනු ඇත. මීට පෙර අප්‍රෙල් 2 වැනි දින සිට මැයි 14 දක්වා ඉන්දියාවේ සිට පිලිපීනයට ඇතුළුවීමේ සීමාවන් පැනවීමට එරට රජය තීරණය කළේ ය.