මොහොමඩ් නෂීඩ්ට බෝම්බ ප්‍රහාරයක්..

මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක්..

by Staff writer 06-05-2021 | 10:25 PM

COLOMBO (News 1st) : මාලදිවයින් හිටපු ජනාධිපති, වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

මාලදිවයින් හිටපු ජනාධිපති, වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් මහතාගේ නිවස ඉදිරිපිට මෙම පිපිරීම සිදුවී ඇත්තේ ඔහු සිය මෝටර් රථයට ගොඩවන අවස්ථාවේදීය. ඊට යාබදව නවතා තිබූ යතුරු පැදියක මෙම බෝම්බය අටවා තිබූ බව සඳහන් වේ. හදිසි ප්‍රතිකාර සඳහා හිටපු ජනාධිපතිවරයා රෝහල්ගත කර ඇතැයි මාලදිවයින් මාධ්‍ය වාර්තා කළේ ය. එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ, පිපිරීමෙන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයෙකු සහ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවය. මේ අතර මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ්, මෙම ප්‍රහාරය තරයේ හෙළා දැක තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙවැනි බියගුළු ප්‍රහාරවලට මාලදිවයින් සමාජය තුළ කිසිදු ඉඩක් නොමැති බවයි.