පියාගේ දැවෙන සෑයට පැන්න දියණියක්..

පියාගේ දැවෙන සෑයට පැන්න දියණියක්..

by Chathurika Jayasundara 06-05-2021 | 5:32 PM

COLOMBO (News 1st) – කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය තම පියාගේ සෑයට පැන දරුණු ලෙස පිලිස්සුම් තුවාල ලබා ඇති දියණියකගේ ඛේදජනක සිදුවීමක් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 34 හැවිරිදි වියේ පසුවන ඇය ආදාහනය අතරතුර සිය පියාගේ අවමංගල්‍ය කුළුණ මතට පැන ඇති බවයි. Damodardas Sharda නම් , 73 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදිතව මිය ගිය මෙම පුද්ගලයාගේ බාල දියණිය මෙසේ අවමංගල්‍ය කුළුණ මතට පැන ඇති අතර ඇය මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහලකට යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. Damodardas Sharda කොරෝනා වෛරසය ආසාදනය වී රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුගිය අඟහරුවාදා මිය ගියේ ය. පොලිස් නිලධාරියා පවසන්නේ ඔහුගේ බාල දියණිය අවසන් කටයුතු සඳහා ආදාහනාගාරයට යාමට බල කර ඇති බවය.