තවත් කොරෝනා ආසාදිතයින් 1305ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 1305ක් හඳුනා ගනී..

by Staff writer 06-05-2021 | 5:59 PM

COLOMBO (News 1st) –  තවත් කොරෝනා ආසාදිතයින් 1,305 දෙනෙකු අද දින මේ දක්වා(5.40 PM) වාර්තා වන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 118,834 කි. ආසාදිතයින් 810 අද සුවය ලැබුවේ ය. සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100, 885 කි. ආසාදිතයින් 17,215 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 734 දෙනෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.