''මගේ අපේක්ෂාව මෙරට සිවිල් සේවයේ සිටීමයි''

කැනඩා මහ කොමසාරිස් කිරීම ගැන ස්තුතියි..! මගේ අපේක්ෂාව මෙරට සිවිල් සේවයේ සිටීමයි - නීතිපති

by Staff writer 06-05-2021 | 10:33 AM

COLOMBO (News 1st): කැනේඩියානු මහ කොමසාරිස් ධූරයට තමන්ගේ නම යෝජනා කිරීම ගැන ස්තුති කරමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා තවදුරටත් මහජන සේවයේ රැඳී සිටීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය එය තහවුරු කළා ය. ශ්‍රී ලංකාවේ 30 වැනි නීතිපතිවරයා ලෙස දප්පුල ද ලිවේරා මහතා පත් වූයේ 2019 මැයි මාසයේදීයි. එතැන් සිට 2021 මැයි 21 වැනිදා වන විට අපරාධ නඩු 27,206ක් අවසන් කිරීමට ඔහුගේ ධුර කාලය තුළ හැකිවී තිබේ.