කැනඩා මහ කොමසාරිස් විපක්ෂ නායක හමුවෙයි..

කැනඩා මහ කොමසාරිස් විපක්ෂ නායක හමුවෙයි..

by Staff writer 06-05-2021 | 4:12 PM

COLOMBO (News1st) :  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහා කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා අතර විශේෂ හමුවක් අද(06) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විය.

ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී අවධානයට ලක්වුණු අතර විශේෂයෙන්ම ලෝකය පුරා උග්‍ර තත්ත්වයට පත්ව ඇති කොරෝනා වසංගතය පිලිබඳව දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගත්තේ ය. මේ ව්‍යසනයට ගොඳුරුව ඇති රටක් ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය නැංවීම සඳහා අවශ්‍ය කරන සහයෝගය ලබා ගැනීම සම්බන්ධව මෙහිදී විපක්ෂ නායකතුමා කැනඩා මහ කොමසාරිස්තුමාගේ අවධානය යොමු කරනු ලැබුවේ ය.