කළුතර බන්ධනාගාරයට විසි කළ පාර්සල් 02 ක්..

කළුතර බන්ධනාගාරයට විසි කළ තහනම් ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් 02 ක් හමුවෙයි..

by Staff writer 06-05-2021 | 5:29 PM

COLOMBO (News 1st) – කළුතර බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කරන ලද තහනම් ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් 02 ක් හමුවී තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, එහි තිබී මත් කරල් 142 ක් , අයිස් මත්ද්‍රව්‍ය සහ දුම්කොල හමුවූ බවයි. එම බන්ධනාගාරයේම තාප්පයට පිටතින් තිබී මත්ද්‍රව්‍ය අඩංගු තවත් පාර්සල් 02 ක් හමුවී තිබේ. චන්දන ඒකනායක මහතා සඳහන් කළේ , එහි තිබී ගංජා , හෙරොයින් සහ ජංගම දුරකතනයක් හමුවූ බවයි. ඒවා සියල්ල වැඩිදුර විමර්ශන සඳහා , කළුතර උතුර පොලිසිය වෙත භාරදී තිබේ.