ඉන්දියාවේ සිට මගීන් රැගෙන ඒම තාවකාලිකව අත්හිටුවයි - සිවිල් ගුවන් සේවා අධිකාරිය

by Staff writer 06-05-2021 | 11:26 AM

COLOMBO (News 1st) - ඉන්දියාවේ සිට ගුවන් මගින් මෙරටට මගීන් රැගෙන ඒම තාවකාලිකව නතර කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී. ඒ. ජයකාන්ත මහතා පැවසුවේ, ඉන්දියාවේ පවතින කොවිඩ් 19 තත්ත්වය සහ මෙරට සෞඛ්‍ය අංශ නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවය.