''රිෂාඩ් පාර්ලිමේන්තු ගේන්න එපා'' - ඇමති වීරසේකර ඉල්ලයි

by Staff writer 05-05-2021 | 12:21 PM

COLOMBO (News 1st) : රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට ඒමට අවසර නොදෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා ඉල්ලිමක් කළේ ය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අඩංගුවට ගෙන සිටින කිසිදු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට ගෙන ආ නොහැකි බවයි. ඒ සමග විපක්ෂයෙන්  දැඩි විරෝධයක් එල්ල විය.