ගුරු විද්‍යාල අවසාන විභාගය කල් යයි

ගුරු විද්‍යාල අවසාන විභාගය කල් යයි

by Staff writer 05-05-2021 | 3:32 PM

COLOMBO (News 1st) - ගුරු විද්‍යාල අවසාන විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීමට විභාග දොපර්තමේන්තුව තීරණය කර ති‌බේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වනවිට රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් මත එම තීරණය ගත් බවයි. විභාගය නැවැත පැවැත්වෙන දින පසුව දැනුම් දෙනු ඇති. ගුරු විද්‍යාල අවසාන විභාගය මැයි මස 10 වැනි දා සිට 21 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.