ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

කර්තෘ Staff writer

05 May, 2021 | 4:08 pm

COLOMBO (News 1st) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 19 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, එම සැකකරුවන් අද ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට අසත්‍ය සාක්ෂි නිර්මාණය කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශානි අබේසේකර මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නඩුව ගොනු කර තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබු සෙසු සැකකරුවන් වන්නේ, ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ හිටපු උපපොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උපපොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක යන අයයි.

නවරත්න ප්‍රේමතිලක යන සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන අවසන් කරන්නැයි, කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළ අධිකරණය ප්‍රකාශ සටහන් කරගැනීම අවසන් කිරීමට නොහැකි නම් ඊට හේතු දක්වන්නැයි ද නියෝග කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]