දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘතයි

වසා දැමුණු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘතයි

by Staff writer 05-05-2021 | 7:42 AM

COLOMBO (News 1st) - කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන්, පසුගිය 26 වැනිදා සිට වසා දැමුණු, දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද යළි විවෘත කෙරිණි.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති ශාන්ත ඒකනායක මහතා සඳහන් කළේ, අලුයම 5.00 සිට පස්වරු 5.00 දක්වා අද(05) සිට එය විවෘතව තැබෙන බවය. අද සහ හෙට මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් පමණක් එළවළු මිලදී ගැනීමට තීරණය කර ඇති අතර , සෙසු දිස්ත්‍රික්කවල ගොවීන්ගෙන් එළවළු මිලදී ගැනීම සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව ඔහු ප්‍රකාශ කළේය. කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් , පසුගිය 26 වැනිදා සිට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා දැමුණි.