රිෂාඩ්ට පාර්ලිමේන්තු යාම⁣ට නීතිමය බාධාවක් නැහැ

රිෂාඩ්ට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීමට කිසිදු නීතිමය බාධාවක් නැහැ - නීතිපති

by Staff writer 05-05-2021 | 9:07 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීමට කිසිදු නීතිමය බාධාවක් නැතැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) දැනුම් දී තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තුව වෙත රැගෙන යෑම සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.