ජනපති පාර්ලිමේන්තු සභාවට පැමිණෙයි

ජනපති පාර්ලිමේන්තු සභාවට පැමිණෙයි

by Sagarika Chathumali 05-05-2021 | 10:28 AM

COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අප පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේ ය.

පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පිවිසි ජනාධිපතිවරයා එහි රැඳී සිටිමින් මන්ත්‍රීවරුන්ගේ දේශනවලට සවන් දුන්නේ ය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, නව පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය ඇමතීමෙන් පසු ජනාධිපතිවරයා සභාවේ අසුන් ගත් 5 වන අවස්ථාව මෙය බවයි. පාර්ලිමේන්තුවේ අද දෙවන දිනටත් රටේ  පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පැවැත්වේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට රැස් වූ පාර්ලිමේන්තුව පස්වරු 4.00 දක්වා  පැවැත්වෙනු ඇති. කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තු විවාදය අදට (5)ට යෙදී තිබුණ ද පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය පාර්ලිමේන්තුවට නොලැබීම නිසා එම විවාදය කල්දැමීමට පක්ෂ නායකවරු ඊයේ තීරණය කළහ.