ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 05-05-2021 | 6:18 AM

දේශීය පුවත්

1. පාර්ලිමේන්තු සභා ගර්භයේ දොරටු විවෘත කර තබමින් විවාදය පවත්වයි – පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ දොරටු විවෘත කර තබමින් ඊයේ විවාදය පැවැත්විය. 2. රණවිරු සැමරුම් මාසය ඇරඹේ – ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැළඳ වූ බවය. 3. විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවා සීමා කෙරේ – විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය විසින් සපයනු ලබන සේවා සීමා කරනු ලැබ තිබේ. 4.” එන්නත ගැන පූර්ණ විශ්වාසයක් තැබීමට දෙවන මාත්‍රාවත් ගෙන සති 3ක් ඉක්ම යා යුතුයි…” – SLMA – ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ සම්පූර්ණ විශ්වසනීයත්වයක් තබා ගැනීමට නම්, එහි දෙවන එන්නත් මාත්‍රාවත් ලබා ගෙන සති 3ක් ඉක්ම යා යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

විදෙස් පුවත්

1. නඩු කටයුතු මාධ්‍ය මගින් වාර්තා කිරීම වැළැක්විය නොහැකි බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්.. – යම් නඩු කටයුත්තක අවසන් තීරණය මෙන්ම අදාළ ක්‍රියාවලිය තුළ මතුවන සියලු කරුණු වාර්තා කිරීමෙන් මාධ්‍ය වැළැක්විය නොහැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.