home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක හා ප්‍රදේශ මෙන්න
by Sagarika Chathumali
05-05-2021 | 8:15 AM
COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ (4) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 1914 දෙනෙකු හඳුනාගෙන තිබේ.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඒ අතරින් 54 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් හඳුනාගෙන ඇති බවත් ඉතිරි ආසාදිතයින් 1860 දෙනා දේශීයව හඳුනා ගෙන ඇති බවත් ය. ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 24 කින් ම ආසාදිතයින් හඳුනා ගෙන ඇති අතර එකදු අසාදිතයෙකු හෝ වාර්තා නොවූ දිස්ත්‍රික්කය වන්නේ, මොනරාගලයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 542 කි. ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 531 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 116 ක් ලෙස වාර්තා වී තිබේ. අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 115,590 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 15728 කි. ඊයේ (4) දිනය තුළ සුවය ලබා පුද්ගලයින් 944 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමග සමස්ත ආසාදිතයින් අතරින් සුවය ලැබූ පිරිස 99153 ක් දක්වා ඉහළ ගියේ ය. පසුගිය පැය 24 තුළ මෙරටින් කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නොමැති අතර සමස්ත මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ, 709ක් ලෙසයි. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 101 ක් තුළ පුද්ගලයින් 10,014 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි.
වෙනත් ලිපි
අත්අඩංගුවට ගත් RMV තිදෙනාට ඇප...
මීරිගම වෙඩි තැබීමක්,පුද්ගලයෙකු මරුට..
ශ්‍රීලංකා රජය සහ සෞදි සංවර්ධන අරමුදල අතර ගිවිසුමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක වාර්තා ගත ලෙස ඉහළට..
ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ්...
රාජිතගෙන් අපේක්ෂිත ඇප අයැදුම්පතක්
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය