විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා සීමා කෙරේ

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවා සීමා කෙරේ

by Staff writer 04-05-2021 | 4:59 PM

COLOMBO (News 1st) - විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය විසින් සපයනු ලබන සේවා සීමා කරනු ලැබ තිබේ.

ඒ, කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සිය මෙහෙයුම් කාලය දිනපතා උදෑසන 7.00 සිට පස්වරු 1.00 දක්වා සීමා කර තිබේ. කෙසේවෙතත් හදිසි සහ සාධාරණ අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා ඉදිරි සතිවලදී ප්‍රමුඛතාව ලබා දෙනු ඇති. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ මරණ, අපනයන ලියකියවිලි හා අදාළ සහතික කිරීම හැරුණු විට කොන්සියුලර් සේවා, කලින් වේලාව වෙන් කර ගැනීම මගින් පමණක් සිදු කරන බව විදේශ අමාත්‍යාංශය දැනුම් දෙයි. ඒ අනුව 0112 33 59 42, 0112 33 88 36 හෝ 0112 33 88 12 යන දුරකතන අංකවලට ඇමතුමක් ලබා දීමෙන් ඒ සඳහා වේලාවක් වෙන් කර ගත හැකියි.