රු. 1000 ව්‍යාජ නෝට්ටු 815 ක් සමග අයෙකු කොටු

රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 815 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 04-05-2021 | 2:40 PM

COLOMBO (News 1st) - කිලිනොච්චිය ශාන්තපුරම් ප්‍රදේශයේදී, රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 815 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, කිලිනොච්චිය ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි. ඔහු අද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.