by Staff writer 04-05-2021 | 6:36 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ දොරටු විවෘත කර තබමින් අද විවාදය පැවැත්විය.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ, පාර්ලිමේන්තුවේ සභා ගර්භයට මන්ත්‍රීවරුන් ඇතුළු වන සියලු දොරටු විවෘතව තබමින් පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වීමට කටයුතු කළ බවය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ මහලේකම් ධම්මික දසනායක මහතාගේ ද අවසරය ඇතිව සභා ගර්භයේ ද ආරක්ෂාවට අභියෝගයක් ඇති නොවන පරිදි හැකිතාක් වාතාශ්‍රය ගමන් කළ හැකිවන පරිදි මන්ත්‍රී ආලින්දයේ දෙපස පැති දොර ද විවෘතව තැබූ බව ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ, කොවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකුලව පාර්ලිමේන්තුව වඩාත් සෞඛ්‍යාරක්ෂිතව තැබීම සඳහා පියවර රැසක් ගනු ලැබූ බවය.
සභා ගර්භය තුළ වායු සමීකරණ ක්‍රියාත්මක කිරීමේදී පිටතින් වාතාශ්‍රය ලැබෙන පරිදි සිදු කළ බව ද වේත්‍රධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
[gallery size="full" columns="1" ids="386299"]