පළා නෙලන්නට ගිය මවක සහ දරු දෙදෙනෙකු වලකට වැටී මරුට

පළා කඩන්න ගිය මවක සහ දරු දෙදෙනෙකු මැටි කැපූ වලකට වැටී අවසන් ගමන් යයි

by Staff writer 04-05-2021 | 10:15 PM

COLOMBO (News 1st) - කටාන, කෝපිවත්ත ජනපදයේ ජලය පිරි තිබූ වලකට ඇද වැටීමෙන් මව, ඇයගේ දියණිය සහ ඥාති පුත්‍රයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් ඊයේ පස්වරුවේ පළා නෙලීමට ගොස් ඇති අතර අදාළවලට ඇද වැටී දියේ ගිලි මිය ගොස් ඇති බවයි. මිය ගිය මව 42 හැවිරිදි වියෙහි පසුවන අතර මිය ගිය දැරියගේ වසය අවුරුදු 10 කි. මිය ගිය සෙසු පිරිමි දරුවා 09 හැවිරිදි වියෙහි පසුවේ. මේ අතර බලංගොඩ, දහමාන ප්‍රදේශයේ ගල් වැඩපලක ජලය තිබු වලකට ඇදවැටීමෙන් 16 හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇත. පොලීසිය සඳහන් කළේ, ඔහු තවත් මිතුරන් පිරිසක් සමග දිය නාමින් සිටියදී දියේ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.