එන්නත ගැන තවදුරටත් බලාපොරොත්තු තැබිය හැකිද?

'' එන්නත ගැන පූර්ණ විශ්වාසයක් තැබීමට දෙවන මාත්‍රාවත් ගෙන සති 3ක් ඉක්ම යා යුතුයි...'' - SLMA

by Sagarika Chathumali 04-05-2021 | 4:19 PM

COLOMBO (News 1st) : ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ සම්පූර්ණ විශ්වසනීයත්වයක් තබා ගැනීමට නම්, එහි දෙවන එන්නත් මාත්‍රාවත් ලබා ගෙන සති 3ක් ඉක්ම යා යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

අද (4) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නැගූ පැනයන්ට පිළිතුරු දෙමින් එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවේ, පළමු මාත්‍රාව ලබා ගෙන මාස 6ක් යන තුරු යම් අයෙකු වෛරසයට ගොදුරු වුවත් ඔවුන් ත්‍රීව්‍ර රෝගී තත්ත්වයන්ට භාජනය නොවන බවට පැහැදිලිව පෙනී ගොස් ඇති බවයි. විශේෂඥ වෛද්‍යවරිය මේ බව පැවසුවේ, ඉන්දියාවෙන් ගෙනා ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ තවදුරටත් බලාපොරොත්තු තැබිය හැකිදැයි, මාධ්‍යවේදීන් නැගූ පැනයන්ට පිළිතුරු ලෙසයි. කෙසේ වෙතත් එන්නතේ බලවත් බව සහ ආරක්ෂාව සෑහෙන දුරට සනාථ කර ඇති බවත් විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා ය.

විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සිදු කළ පැහැදිලි කිරීම පහතින්...

  https://www.youtube.com/watch?v=eF-iWTC3PqY