by Staff writer 04-05-2021 | 5:43 PM
COLOMBO (News 1st) - රණවිරු සැමරුම් මාසය අද(04) සිට ආරම්භ වේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැළඳ වූ බවය.
අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපති සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් රණවිරු කොඩිය පැළඳවීම සිදු කරනු ලැබිණි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා ද එක්ව සිටි බවය.
දශක 3 කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමාකර නිදහස්, නිවහල් දේශයක් වෙනුවෙන් කැප වූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු මාසය සමරනු ලැබේ.