ස්පුට්නික් ෆයිව් කොරෝනා මර්දන එන්න‍තේ පළමු මාත්‍රා තොගය දිවයිනට..

ස්පුට්නික් ෆයිව් කොරෝනා මර්දන එන්න‍තේ පළමු මාත්‍රා තොගය දිවයිනට..

ස්පුට්නික් ෆයිව් කොරෝනා මර්දන එන්න‍තේ පළමු මාත්‍රා තොගය දිවයිනට..

කර්තෘ Staff writer

04 May, 2021 | 7:28 am

COLOMBO (News 1st) – රුසියාවේ නිෂ්පාදිත, ස්පුට්නික් ෆයිව් කොරෝනා මර්දන එන්න‍තේ පළමු මාත්‍රා තොගය අද අලුයම දිවයිනට රැගෙන ආවේය.

එන්නත් මාත්‍රා 15,000ක් කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙලෙස දිවයිනට රැගෙනු එනු ලැබුවේය.

කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා විසින් එන්නත් තොගය ගුවන් තොටුපොළේදී ඖෂධ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාට භාර දුන්නේය.

මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ද එක්ව සිටියේය.

ආරම්භක මාත්‍රා තොගයක් ලෙස මෙය ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]