home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
බිල් ගේට්ස් සහ මෙලින්ඩා 27 වසරක විවාහ දිවියට සමුදෙයි
by Sagarika Chathumali
04-05-2021 | 9:10 AM
COLOMBO (News 1st) : බිල් ගේට්ස් (65) සහ මෙලින්ඩා ගේට්ස් (56) සිය අවුරුදු 27ක විවාහ දිවියට සමු දෙන බව නිවේදනය කර තිබේ.
දරුවන් තිදෙනෙකුගේ මා පියන් වන බිල් - මෙලින්ඩා ගේට්ස් යුවළ ට්විටර් ඔස්සේ සටහනක් තබමින් පවසන්නේ, තවදුරටත් එක්ව ජීවත් විය හැකි බවට තමන් විශ්වාස නොකරන බවයි. ඔවුන් සිය ට්විටර් පණිවුඩය හරහා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, නව ජීවිතයට සැරසැරීමට පටන් ගන්නා විට ඒ සඳහා වන පෞද්ගලිකත්වයට ඉඩ ලබා දෙන ලෙසයි. 2000 වසරේදී ආරම්භ කර යුවළ ඒකාබද්ධව පවත්වා ගෙන යන Bill & Melinda Gates පදනම හරහා ලොව දරුවන් වෙනුවෙන් සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරනු ලබයි. සංවිධානය මගින් බෝවන රෝගවලට එරෙහිව සටන් වැදීම සඳහා බිලියන ගණනක් වියම් කරන අතර බෝවන රෝගවලට එරෙහිව ළමුන්ට එන්නත් කිරීම දිරිගැන්වීම ද ඒ හරහා සිදු වේ. මැලේරියාව සහ පෝලියෝ තුරන් කිරීම, ළමා පෝෂණය සහ එන්නත් පිළිබඳ පුළුල් ලෙස වැඩසටහන්වලට ගේට්ස් සහය ලබා දී ඇති COVID-19 සහන සඳහා පදනම පසුගිය වසරේදී ඩොලර් බිලියන 1.75 ක් පමණ ලබා දී තිබේ. බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම ගෝලීය මහජන සෞඛ්‍යයේ බලවත්ම හා බලගතු බලවේගයක් බවට පත්ව ඇති අතර පසුගිය දශක කිහිපය තුළ ලොව දිළිඳුකම හා රෝග මර්දනය ඩොලර් බිලියන 50 කට වඩා වැඩි මුදලක් වියදම් කර ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් ය. ෆෝබ්ස් සඟරාවට අනුව බිල් ගේට්ස් ලොව සිව් වැනි ධනවතා වන අතර ඔහුගේ වත්කම ඩොලර් බිලියන 124කි. 1970 දශකයේදී ආරම්භ කරන ලද ලොව විශාලතම මෘදුකාංග සමාගම හරහා බිල් ගේට්ස් ධනවතෙකු වූයේ ය. මෙලින්ඩා නිෂ්පාදන කළමනාකාරිණියක ලෙස 1980 දශකයේදී බිල් ගේට්ස්ගේ මයික්‍රොසොෆ්ට් සමාගමට සම්බන්ධ වූ අවස්ථාවේ ඔවුන් පළමුවරට මුණ ගැසී තිබිණ. 1994 වසරේ හවායි දූපතේ ලනායිහිදී ඔවුන්ගේ විවාහය සිදු වූ අතර වෙනත් පිරිස්වලට ඉහළින් පියාසර කිරීම නැවැත්වීම සඳහා සියලුම දේශීය හෙලිකොප්ටර් යානා කුළියට ගත් බව ද වාර්තා විය. ප්‍රකෝටිපති බිල් ගේට්ස් පසුගිය වසරේදී මයික්‍රොසොෆ්ට් මණ්ඩලයෙන් ඉවත් විය.
වෙනත් ලිපි
වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිනිය දිවුරුම් දෙයි
මම තවදුරටත් වෙනිසියුලාවේ ජනාධිපති-වෙනිසියුලා ජනපති
වෙනිසියුලානු ජනපති නිව්යෝර්ක් අධිකරණයට රැගෙන එයි.
වෙනිසියුලානු ජනපති හා බිරිඳ අද මැන්හැට්න් අධිකරණයට
බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ආයතනයෙන්, ICC යට ඉල්ලීමක්
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිදුවූ අපූරු ගෞරව ක
විශේෂාංග
ලංකාවාසීන්ට උල්කාපාත වැස්සක් දැකගැනීමේ අවස්ථාවක්
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
ලංකාවාසීන්ට උල්කාපාත වැස්සක් දැකගැනීමේ අවස්ථාවක්
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය