එන්නත් මාත්‍රා 02 වර්ග දෙකකින් දිය හැකිද?

by Staff writer 04-05-2021 | 2:20 PM

COLOMBO (News 1st) - චීන සයිනෝපාම් එන්නතට මෙරට භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අවසර ඉල්ලා ඇතත් ඒ පිළිබඳව මෙතෙක් අවසරය ලැබී නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමෙෂ් පතිරණ මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගත් අයට දෙවැනි මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබා දිය හැකිද යන්න පිළිබඳව මේ වනවිට පරික්ෂණ සිදු කරමින ඇති බවය.