නීතිපති පූජිත් සහ හේමසිරිට එරෙහිව චෝදනා 800 ක් ඉදිරිපත් කරයි 

by Staff writer 03-05-2021 | 4:22 PM

COLOMBO (News 1st) : හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දරට එරෙහිව නඩු විභාග කිරීම සඳහා චෝදනා 800 කින් සමන්විත තොරතුරු,  නීතිපතිවරයා  කොළඹ මහාධිකරණය වෙත අද ඉදිරිපත් කළේ ය. 

ඒ , ඔවුන් දෙදෙනාට එරෙහිව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ , වෙන වෙනම නඩු විභාග දෙකක් පැවැත්වීම සඳහා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටිමිනි.