දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි ඇති වීමේ අවදානමක්

දිවයිනේ පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වීමේ අවදානමක්

by Staff writer 03-05-2021 | 3:20 PM

COLOMBO (News 1st) - සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක පමණ ඉතා තද වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි, ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.