දිලුම් අමුණුගමට තවත් රාජ්‍ය ඇමති ධූරයක්

දිලුම් අමුණුගම ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

by Sagarika Chathumali 03-05-2021 | 12:11 PM

COLOMBO (News 1st) : දිලුම් අමුණුගම අද (3) පෙරවරුවේ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපති කාර්යාලයේදී  අමාත්‍යවරයා  දිවුරුම් දුන් බවයි. දිලුම් අමුණුගම වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ද වේ.