අක්කර 75 ,000 කට ඉදිරි දෙසතිය ඇතුළත ජලය ..

ජලය නිකුත් නොකළ අක්කර 75 ,000 කට ඉදිරි දෙසතියේ ජලය ..

by Staff writer 03-05-2021 | 1:58 PM

COLOMBO (News 1st) : යල කන්නයේ මෙතෙක් ජලය නිකුත් නොකළ අක්කර 75000 කට ඉදිරි දෙසතිය ඇතුළත ජලය නිකුත් කරන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ , මධ්‍ය පරිමාණ ජලාශවලින් පෝෂණය වන මොනරාගල , හම්බන්තොට හා අම්පාර දිස්ත්‍රික්කවල මෙම ගොවිබිම් පිහිටා ඇති බවයි. ඉදිරි සති දෙක තුළ එම ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි ලැබෙනු ඇති බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව විශ්වාස කරයි. ඩී. අබේසිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ , ජලය නිකුත් කළ සෙසු ප්‍රදේශවලින් 40 % ක බිම් සැකසීම මේ වනවිට අවසන් කර ඇති බවයි.