Lockdown ප්‍රදේශවල වෙනසක්..

Lockdown ඉවත් කළ සහ අලුතින් Lockdown කළ ප්‍රදේශ මෙන්න..

by Staff writer 02-05-2021 | 10:24 PM

COLOMBO (News 1st) - පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදකලා බවින් නිදහස් කර තිබේ.

නමුත් හෙට(03) අලුයම 5.00 සිට ක්‍රියාත්මකවන පරිදි පිළියන්දල ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකලා(Lockdown) කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එලෙස හුදකලා කෙරෙන ග්‍රාම නිලධාරී වසම් වන්නේ කැස්බෑව දකුණ, දම්පේ, බටකැත්තර උතුර, පැලැන්වත්ත නැගෙනහිර/බටහිර,මාකන්දන නැගෙනහිර, මාවිත්තර උතුර,මඩපාත යන ග්‍රාම නිලධාරී වසම් වේ. ගොරකාපිටිය 584 සහ නාම්පමුණුව 584A යන ග්‍රාම නිලධාරී වසම් දැනටමත් හුදකලා කර ති⁣බෙන අතර එය ද මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. මේ අතර හෙට(03) අලුයම 5.00 සිට මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරැව්වල උතුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කරන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.