by Staff writer 02-05-2021 | 9:04 PM
COLOMBO (News 1st) - වෙනත් රටවල්වලට සංචාරය කරන ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාව තුළ නිරෝධායනය වීමේ අවස්ථාව හිමිවී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කළේය.
ඉන්දියානුවන්ට මේ වනවිට බොහෝ රටවලට ඇතුල්විය නොහැකි තත්ත්වයත් මතුව ඇති අතර ඊට පිළියමක් වශයෙන් දින 14 ක නිරෝධායන කාලසීමක් වෙනත් රටක ගතකර අදාල රට වෙතට යාමට හැකියාව ලැබේ.
මේ අනුව ශ්‍රී ලංකාවේ අතැම් සංචාරක නියෝජිත ආයතන ඉන්දියාව ඉලක්කර කර දැන්වීම් පළ කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ නිරෝධායන සේවා ලබාදෙන බවටයි.
සන්ඩේ ටයිම්ස් පුවත්පත පුවත්පත අද වාර්තාකර තිබුණේ සංචාරක බුබුලු සංකල්පය අවභාවිතා කරමින් ප්‍රමුඛ පෙලේ නියෝජිත ආයතන 2ක් මෙම ක්‍රියාවලිය ආරම් කර ඇති බවත් පසුව කුඩා නියෝජිත ආයතන කිහිපයක් එම ක්‍රියාවලියේද යෙදී ඇති බවටයි.
පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ මෙම තත්ත්වය හේතුවෙන් සංචාරක ප්‍රවර්ධන අධිකාරිය එම නිරෝධායන කටයුතු සිදුවිය යුතු අකාරය සම්බන්ධයෙන් රෙගුලාසි මාලවක් නිකුත්කර ඇති බවය.