තහනම් කළ Wedding, සාද නිවෙස්වලවත් පැවැත්විය නොහැක

තහනම් කළ Wedding, රැස්වීම්, සාද නිවෙස්වල හෝ වෙනත් ස්ථානවලවත් පැවැත්විය නොහැක - යුද හමුදාපති

by Staff writer 02-05-2021 | 5:21 PM

COLOMBO (News 1st) - කොරෝනා වසංගත තත්ත්වයන් හේතුවෙන් තහනම් කර ඇති රැස්වීම්, සාද සහ මංගල උත්සව(Wedding) ආදිය නිවාස හෝ වෙනත් ස්ථානවල ද පැවැත්විය නොහැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊට අමතරව කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වෙනත් නිවෙස්වලට යාම සහ අමුත්තන්ට සංග්‍රහ කිරීමෙන් ද වළකින ලෙස යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.