ශ්‍රී ලංකා ග්‍රේට්ස් සහ ටීම් ශ්‍රී ලංකා 20යි 20 තරගය කල් දමයි

ශ්‍රී ලංකා ග්‍රේට්ස් සහ ටීම් ශ්‍රී ලංකා 20යි 20 තරගය කල් දමයි

ශ්‍රී ලංකා ග්‍රේට්ස් සහ ටීම් ශ්‍රී ලංකා 20යි 20 තරගය කල් දමයි

කර්තෘ Staff writer

02 May, 2021 | 5:54 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් සහභාගී වන ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු සංචිත ක්‍රීඩකයින්ගෙන් සමන්විත ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර 20යි 20 තරගය කල් දමා තිබේ.

එය අනිද්දා(04) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

කොඩිව් අරමුදල ආධාර පිණිස එම තරගය සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

නමුත් පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තරගය කල් දැමීමට තීරණය කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]