සෞඛ්‍ය නීති උල්ලංඝණය කරන බස් සේවකයින්ට දැඩි නීති

සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් මගීන් ප්‍රවාහනය කරන රියැදුරන් හා කොන්දොස්තරවරුන්ට දැඩිව නීතිය

by Staff writer 01-05-2021 | 2:06 PM

COLOMBO (News 1st) - සෞඛ්‍ය නීතිවලට පටහැනිව පොදු ප්‍රවාහන සේවාවල, මගීන් ප්‍රවාහනය කරන රියැදුරන්, කොන්දොස්තරවරුන් සහ හිමිකරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, සෞඛ්‍ය නීති උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසය.