ලංකාවේ සිට ඉතාලියට එන අයට තහනමක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4ක ගමන් කළ පුද්ගලයින්ට සිංගප්පූරුවෙන් ගමන් තහනමක්

by Staff writer 01-05-2021 | 10:10 PM

COLOMBO (News 1st) – සිංගප්පූරුව විසින් බංග්ලාදේශය, නේපාලය පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල්වල සංචාරය කර ඇති සියලු දෙනාට ගමන් තහනමක් පනවා තිබේ.

මෙය හෙට(02) සිට බලාත්මක වේ. පසුගිය දින 14 තුළ ඉහත රටවල්වලට සංචාරය කළ සියලු දෙනා මෙම තහනමට යටත් බව සිංගප්පූරුවේ කොවිඩ් 19 කාර්ය සාධක බලකායේ සම සභාපති ලෝරන්ස් වොංග් ප්‍රකාශ කළේ ය. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ , සිංගප්පූරු බලධාරීන්ගෙන් පූර්ව ප්‍රවේශ අනුමැතිය ලබාගත් සියලු දෙනාට ද මෙම ගමන් තහනම අදාළ වන බවයි මේ අතර ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිණෙන සියලු දෙනාට එරටට ඇතුළු වීම තහනම් කර තිබේ. ඒ, ඉන්දියාවේ වත්මන් කොරෝනා තතත්වය සළකා බලමින් ය.